ශ්‍රී ලංකාවේ ලෝක උරුම හා ජාතික උරුම

 

UNESCO World Heritage Sites Sri Lanka Quiz



      අනුරාධපුර පුජා නගරය                                                                                                                         අනුරාධපුර පෞරාණික නගරය - විකිපීඩියා



අනුරාධපුර පුජා නගරයේ ජය ශ්‍රී මහා බෝධිය,රුවන්වැලි මහා සෑය,ලෝවාමහාපාය,ජේතවනාරාමය,අභයගිරිය දාගැබ,ථූපාරාමය ,ලංකාරාම දාගැබ,මිරිසවැටි දාගැබ,සදකඩ පහණ,මුරගල,සමාධි බුදු පිළිමය,කුට්ටම් පොකුණ,ඉසුරුමුණි විහාරය හා තවත් පුරවිදියත්මක් ස්ථාන ඇත.අනුරාධපුර නගරයේ පළමු රජු වුයේ පණ්ඩුකාභය රජතුමාය.අනුරාධපුර රාජධානියේ අවසන් රජු වුයේ 5වන මිහිදු රජතුමාය.මෙතුමා ලංකාවේ දීර්ඝතම රජ පරම්පරාව වන මානවම්ම රජ පෙලපතේ අවසාන රජතුමාය.අනුරාධපුර රාජධානිය ක්‍රි.පූ.377 සිට ක්‍රි.පූ.1017 දක්වා අවුරුදු 1610ක කාලයක් පැවතුණි.


රුවන්වැලිමහා සෑය 

                                                                                
ක්‍රි.පූ.161-137 දී පමණ දී පමණ දුටු ගැමුණු මහා රජතුමා විසින් ඉන්දියාවේ රාම ග්‍රාමයෙන් වැඩම කරන ලද ද්‍රෝණයක් පමණ සර්වඥධාතුන් වහන්සේ නිධාන කොට තනා ඇත.මේ සෑය කුලී නොලැබ වැඩ තහනම් කරන ලද හෙයින් දුටුගැමුණු රජුගේ ධනව්‍යයේම ප්‍රතිඵලයෙකි.මහාථුපය,රුවන්වැලි,ස්වර්ණමාලි,රත්නමාලි,හේමමාලි යන අපර නාම වලින් හැදින්වෙන මේ වෙහෙරේ අවසාන කිරීමට  නොහැකි විය.එම නිසා ඔහුගේ සොහොයුරු සද්ධාතිස්ස රජු අතින් නිම විය.
ලංජිතිස්ස(ක්‍රි.පූ.119-109)රජු විසින් පුෂ්පදාන තුනක් බිරපෂාන නමැති ගලින් තැනවූ බව සදහන් වේ.සුදුහුණු ගල් අල්ලා ඇති පේසා අදත් විද්‍යමාන වේ.
සොළි ආක්‍රමණ නිසා ජරාවාස වී තිබු මෙම සෑය මහා පැරකුම්බා(ක්‍රි.ව.1153-1186) රජු විසින් ප්‍රතිසංස්කරණය කරේය.කල් යාමේදී යලිත් අභයගිරිය හා ජේතවනාරාමය මෙන් ජරාවාස වුනි.මෙහි නූතන ප්‍රතිසංස්කරණය නාරන්විට සුමනසාර ස්වාමින්වහන්සේගේ යටතේ ආරම්බ විය.
මෙහි උස අඩි 338කි.පරිමාණය අඩි 942කි.රන් අලේප කල කොතේ උස අඩි 24කි.
මේ සෑය පිහිටා ඇති අක්කර 5ක් වූ සතරැස් මළුවේ පැත්තක දිග අඩි 465කි.ඒ සතරැස් මළුව වටා ඇත් පව්රක් දක්නට ලැබේ.ඇතුන් මළුව දරා සිටින ලෙස සකසා ඇත.නූතන ඇත් පව්රට පෙර තිබු පුරාණ ඇත් පව්රෙන් ඉතිරිව ඇත්තේ 6ක් බස්නාහිර පඩිපෙළ දෙපස ඇත.සෑ මළුවට අයත්.මුල් ආරක්‍ෂිත බැම්ම වසා පසු කාලීනව මේ ඇත් පව්ර තනා ඇති බව ගරා වැටුණු පස් ඉවත් වීමේදී පෙනී ගියේය.


ශ්‍රී මහා බෝධීන් වහන්සේ                                                                                                                

 
                                                                                                                 
ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමස්ථ ලෝක බෞද්ධයාගෙ මාහැගි පූජාර්භ වස්තුවකි.මේ බෝධීන් වහන්සේ බුද්ධගයාවේ බෝධිසත්වයාණන් වහන්සේ බුද්ධත්වයට පත්වනවිට සෙවන දුන් ජය ශ්‍රී මහා බෝධියේ ශාකාවකි.ධර්මාශෝක මහා රජුගේ දියණිය වූ සංඝමිත්තා තෙරණිය විසින් ඉන්දියාවේ සිට මෙහි වැඩම කල බෝධි ශාකාව දේවානම්පියතිස්ස රජතුමා මහමෙව්නා උයනේ තැන්පත් රෝපණය කළහ.වැඩී ගිය එම බෝධීන් වහන්සේ අද උස මළුවක ටැම්පිට වැඩසිටිනු දක්නට ලැබේ.මහනුවර සමයෙහි අනුරාධපුරය වනාන්තර ගතවූ කල්හී වල් අලි බෝ මළුවට ඇතුළු වීමට නැවත වීමට මේ ප්‍රාකාරය අත්ථදස්සි ස්වාමින් වහන්සේ විසින් තනන ලදී.උතුරේ සිට දකුණට ආදී 388ක්ද,නැගෙනහිර සිට බස්නාහිරට අඩි 274ක්ද ,මෙම මහා ගල්පව්රේ උස අඩි 10කි.එහි ඝනකම අඩි 5කි.එය කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලයට අයත්ය.මෙම බෝධීන් වහන්සේට වෙනුවෙන් අළුත් අවරුදු මංගල්‍ය,කාර්තික මංගල්‍ය,අළුත් සහල් මංගල්‍ය හා පරණ අව්රුදු මංගල්‍ය පවත්වනු ලැබේ.
                              

Comments

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ වතගොත